නිහඩ මාරයා පරදවමු !
Silent killer
අපි හමෝම දන්නවා අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය ඕන බව. ඒ කියන්නෙ අවශ්‍ය ප්‍රමානයට ඔක්සිජන් තියෙන්න ඕන. එහෙම නැති උනොත් අපිට විවිධ ප්‍රශ්න ඇති වෙනව. හිසේ කැකුම, නිදි බර ගතිය, නොරිස්සන සුලු ගතිය, මතකය අඩු වීම, මේ ගැටලු අතරින් සමහරක්. ඒක නිසා ඔබේ කාමරයේ ඔක්සිජන් ප්‍රතිශතය නියමිත මට්ටමේ පවත්වාගෙන යාම ඉතා වැදගත්.
ඔබේ නිදන කාමරය/ office room වායු සමීකරනය කර ඇත්නම් මේ ගැන මොහොතක් සිතන්න.
ඔබේ වායු සමීකරනයෙන් සිදු වන්නේ කාමරය තුල ඇති වායුව යන්ත්‍රය හරහා ගමන් කරවා සිසිලනය කිරීමයි. එහෙමත් නැත්නම් re-circulate වීමයි. වායු සමීකරන යන්ත්‍රය නිසා කාමරයට අලුතින් වායුව ඇතුල්වීමක් සිදු වන්නේ නෑ. කාමරය A/C නිසා ජනෙල් දොරවල් ටිකත් වහලා හොදටම seal කරලා තියෙන්නෙ. කාමරය ඇතුලත එකම වායුව තමයි කැරකෙන්නෙ.
ඔබේ කාමරයේ කීප දෙනෙක් සිටිනවා යැයි සිතමු. ඔවුන් හුස්ම ගන්නා විට ඔක්සිජන් උරාගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකරනවා. පැය කීපයක් යන විට ඔක්සිජන් ප්‍රමානය අඩු වී කාබන්ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඒ කියන්නෙ මුලු කාලය පුරාම ඔබ හුස්ම ගන්නෙ ඔක්සිජන් අඩු වාතය. දීර්ග කාලීනව මෙය සිදු වීමෙන් ඔබටත් නොදැනීම ඔබෙගේ ආයුෂ අඩු වෙනවා. ඉන්ජිනේරුවන් මේකට කියන්නෙ Silent killer කියලා.
ඒක නිසා නිසි ප්‍රමිතීන්ට අනුකූලව වායු සමීකරන සවි කිරීම හා සේවා කිරීම ඉතා වැදගත්. මේ ගැන ඔබත් දෙවතාවක් සිතා බලන්න.